කැට සීල් තැබු නවගමුව පන්සලේ පිහිටි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ලියු කළුකොඳයාවේ මහනාහිමිගේ ස්මාරකය විනාශවෙන්න ඉඩහැරලා

පසුගිය දිනවල මුදල් වංචා චෝදනා නිසා විගණකාධිපතිවරයා විසින් පින්කැට මුද්‍රා තැබු පත්තිනි දේවාලය පිහිටි නවගමුව සුගතබිම්බාරාම පුඉරාණ විහාර භූමියේ ඇති ලෝක පුජිත පඬිරුවනක වු කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනායක හිමියන්ගේ ස්මාරකය ඉබේම ගරාවැටිමට ඉඩ හැර ඇතැයි නවගමුවේ සුරැකීමේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර ඇත.
එම ස්මාරකය කිසිදු පිළිසකරයක් නොකර තැබීමෙන් පෙනියන්නේ ⁣එය එම ස්ථානයෙන් ඉවත්කර දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කිරිම බවද එම සංවිධානය ජනාධිපතිවරයාට යැවු ලිපියක සදහන්වේ.
මීට පෙරද මෙම වටිනා ස්මාරකය කඩාදැමිමට උත්සහ කිරිමෙිදි ප්‍රදේශවාසින්ගේ විරෝධය නිසා එය වැළකි තිබිණ.
මීට පෙර නවගමුවේ විහාරස්ථානයේ පිහිටි දේවාලවල සිදුවන මහ පරිමාණයේ මුදල් වංචාවන් ගැන නවගමුවේ සුරැකිමේ සංවිධානය කළ පැමිණිල්ලකට අනුව විගණකාධිපතිවරයාගේ උපදෙස් අනුව සියලු පිංකැට වලට මුද්‍රා තැබිණ.

ස්මාරකය විනාශවිමට ඉඩහැරිම සම්බන්ධයෙන් නවගමුව සුරැකීමේ සංවිධානයේ සභාපති චන්ද්‍රසේන පලිහේන හා ලේකම් ජයන්ත ජයලාල් යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය මෙසේය.

“කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පරිවෙිනාධිපති,විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රථම සිංහල හා ප්‍රකෘත මහාචාර්ය , නවගමුව සුගතබිම්බාරාම පුරාණ විහාරාධිපති,ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහ සංඝ සභාවේ මහනායකව වැඩසිටි අතිපූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනායක ස්වාමින් වහන්සේ අපේ රටේ වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනකි.

ඩඩ්ලි සේනානායක , එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක,සි.ඩබ්ලිව් .ඩබ්ලිව් .ඩබ්ලිව් .කන්නන්ගර වැනි ශ්‍රේෂ්ඨ නායකයන් සාමාජිකත්වය දැරු සුරාසුදු විරෝධි මණ්ඩලයේ මෙන්ම අමද්‍යප මහ සභාවේ සභාපති ධුරය දැරුවේද උන් වහන්සේය.එසේම 1950 දශකයේදි රජයෙන් පත්කළ බෞද්ධ කොමිෂන් සභාවේ සභාපති ධුරයද උන් වහන්සේ ඉසුලුහ.

⁣එසේම කාණ්ඩ කිපයකින් හෙබි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ඇතුළු පොත් ගණනාවක් උන් වහන්සේ ලියුහ.පොලිසියේ මහජන සම්බන්ධතා අංශය එවකට පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා මහතා සමග එක්ව ආරම්භ කළේද කළුකොඳයාවේ මහනාහිමියන් විසිනි.

මේ ආදි වශයෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකළ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනාහිමියන් 1977.11.12 වැනි දින අපවත්විමෙන් පසු නිදහස් චතුරශ්‍රයේදි ආදාහනය කිරිමෙන් පසු උන් වහන්සේගේ හෂ්මාවශේෂ තැන්පත් කර නවගමුව විහාර බිමෙහි ස්මාරකයක් ඉදිකෙරිණ.එම ස්මාරකය එවකට අධ්‍යාපන ඇමැති වත්මන් ජනාධිපතිගේ හා තවත් ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් අගමැති රණසිංහ ප්‍රේමදාස විසින් විවෘත කරනලදි.

බොහෝ දෙනාගේ ගරු බුහුමනට ලක්වු මෙම ස්මාරකය කිසියම් පිරිසක් කඩා ඉවත්කර එහි වෙළෙදසලක් ඉදිකිරිමට සැලසුම් සකස්කරද්දි මහජන විරෝධය නිසා එය වැලකිණ.

මේ වනවිට මෙම ඓතිහාසික ස්මාරකය විහාරයේ පාලකයන් ඉබේම කඩාවැටිමට ඉඩහැර ඇති අතර එය වල්බිහිවි ඇත.කිසිදු පිළිසකරයක් නොකර එම ස්මාරකය ගරාවැටිමට ඉඩ හැරිම ජාතික අපරාධයකි.

මේ නිසා කළුකොඳයාවේ මහනාහියින් අපවත්වි වසර 46 ක් සපිරෙන 2023.11.12 දිනට පෙර මෙම ස්මාරකය ප්‍රතිසංස්කරණය කර එය සංස්කෘතික උරුමයක් බවට පත්කරන ලෙස ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු “.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *