කාවින්ද සහ මුජිබර් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත බලෙන් ලබා ගනී.

පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම දෙදෙනා ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතුළුවී එහි නිලධාරීන්ට තර්ජනය කොට ආයතනය සතු දත්ත බලහත්කාරයෙන් ලබාගත් බව එම පැමිණිල්ලේ කියවේ.

කථානායකවරයාගේ පූර්ව දැනුවත් කිරීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දත්ත ලබාගැනීම සඳහා ආයතන වෙත ඇතුලුවිය නොහැකි බැවින් මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පරීක්ෂණයක් සිදුකරනා මෙන් එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා සිටී.

මේ අතර සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවී ඇති විවිධ වංචා සහ දුෂණ හෙළි කිරීම හේතුවෙන් තමා ඇතුළු සමගි ජන බල‍වේගයේ සෞඛ්‍ය කමිටුවේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වෙයි..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *