කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිස්ත්‍රික් දහයකට අවවාදාත්මක නිවේදන

දිස්ත්‍රික් 10 කට අදාලව තද වැසි ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත .

මේ අනුව මිලිමීටර 100ක පමණ තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලට ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මෙලෙස දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

මේ අතර පවතින අධික වැසි හමුවේ, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 05 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (06) පස්වරුවේ යළි දීර්ඝ කර තිබේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *