“කාලකණ්නි” – පොහොට්ටු කාර්යාලය අසළ තත්ත්වයට ඇමති ආමන්ත්‍රණය කළ හැටි

බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට අද උදෑසන කාලයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා.

සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වූ බවයි වාර්තා වෙන්නේ.

විරෝධතාකරුවන් නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසල දී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම මාර්ගයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාකරුවන් අමාත්‍යවරයාට හූ කියා විරෝධයක් පළ කර අති බව ද වාර්තා වෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේ දී අමාත්‍යවරයා මෙලෙස පැවසුවා.

ඔය කාලකණ්නි එක්ක කතා කරලා තේරුමක් නැහැ. ඕකුන් තමයි අරගලයත් ආරම්භ කළේ. ඔය සිවිල් සංවිධාන කියන එවුන් ආයේ මොකක් හරි කරල කීයක් හරි හොයාගන්න වෙන්න ඇති ආවේ

ආපහු රට ආරජික කරන්න හදන කණ්ඩායමක් නේ ඔය. මේ එක එක්කෙනාගේ ගොට්ටො ඇවිත් කෑගහනවා. සල්ලි වලට කීයක් හරි හොයාගන්න ඕනකමට ඔන්න ඔහේ කෑගහපුදෙන්. එයාලට අයිතියක් තියෙනවනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා.

රටේ බහුතරයගේ අදහස තමයි දැන් ‍රටේ හොඳ ස්ථාවරත්වක් හැදිලා තියෙනවා කියන එක. මේ පස් හයදෙනෙක් කෑගහලා මොනව කරන්න ද?

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!