කාන්තාවන්ට රෑ වැඩකරන්නට ඉඩ දෙන අළුත් ගැසට්ටුවක් .

සනීපාරක්ෂක සේවා සහ ආහාරපාන පිළිගන්වීමේ සේවාවන් හී නියුතු කාන්තාවන්ට රාත්‍රී කාලයේ රැකියාවල නිරත වීමට අවසර ලබා දෙමින් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත .

මෙම නව අවසරය ලබා දී ඇත්තේ සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ පනතට අදාළ සංශෝධනයක් සිදු කරමිනි .

ඒ අනුව, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ කාන්තාවන් පස්වරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා වූ කාලය තුළ සේවයේ යෙදවීමට සේවා යෝජකයන්ට දැන් හැකියාව ලැබේ .

කෙසේ වෙතත් රාත්‍රී සේවයේ යොදවනු ලබන කාන්තාවන්ගේ සුබසාධනය උදෙසා අනිවාර්ය කොන්දේසි කිහිපයක් එම ගැසට් නිවේදනය මගින් පනවා ඇත . ඒ අනුව

රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන් සඳහා සුදුසු නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සැපයීම, සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පොදු සුබසාධනය තහවුරු කිරීම වැනි කටයුතු සේවා යෝජකයන් විසින් සපුරාදිය යුතුවේ.