ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපි​ය භාරදී ඇති බව වාර්තා වේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ට අද (4) පෙරවරුවේ යොමු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඛණ්ඩ පරාජයන් සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බවද, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඔවුන්ට ඉල්ලා අස්වන ලෙසද ඊයේ (03) ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තිබුනා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *