ක්‍රිකට් පරිපාලනය භාරගන්න බෑ කියපු ක්‍රීඩක ලයිස්තුව මෙන්න

ක්‍රිකට් පරිපාලනය භාරගන්නා ලෙසට තමන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කකුල් දෙක ළගට ගොස් ඉල්ලා සිටි අවස්ථාවේදී බොහෝ ක්‍රීඩකයින් එයට එකග නොවූ බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පැවසුවේය.

මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මෙසේද කීවේය.

මම ප්‍රොටෝකෝල් පැත්තකට තියලා ක්‍රීඩකයින්ගේ කකුල් දෙක ළගට ගිහින් මේ ක්‍රිකට් පරිපාලනය භාරගන්න කියලා ඉල්ලුවා.

මම රොෂාන් මහානාම මහත්තයාගේ කාර්යාලයට ගිහින්, ඔහුගේ කකුල් දෙක ළගට ගිහින් ක්‍රිකට් පරිපාලනය භාරගන්න කියලා ඉල්ලුවා. චමින්ද වාස් ළගට ගියා. මේ ටික සෙටල් කරගත්තාට පස්සේ බලන්නම් කියලා ඒ අය කිව්වා.

ඊට පස්සේ සිදත් වෙත්තමුනිට කතා කළා. මම පස්සේ එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ අසංග ද මෙල්ට කතා කරන්න බැලුවා. ඔහු සම්බන්ධ කරගන්න රටේ හිටියේ නෑ. විදේශ ගතව හිටියේ.

ඊට පස්සේ හෂාන් තිලකරත්නට කතා කළා. බංගලාදේශයේ පුහුණුකරුවෙක් විදියට වැඩ කරන නිසා දැන් බෑ. ඉදිරියේදී ඕනම උදව්වක් කරන්නමි කියලා කිව්වා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *