ක්‍රිකට් තහනම එළබෙන සතියේ ඉවත් කරයි ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම එළඹෙන සතිය තුළ සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තහනම ඉවත් කරගැනීම සඳහා නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් සිටියි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාවට අපේක්ෂා කළ පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නව ක්‍රීඩා ඇමතිවරයා ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කවුන්සිලය සමග සාකච්චා වලදී ධනාත්මක පිළිතුරු ප්‍රතිචාර ලැබී ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!