ක්‍රිකට් බෝඩ් ලොක්කෝ නිලියන්ට සැප දුන්න හැටි එලියට

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට පිටත්ව ගිය ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට එම ආයතනය රුපියල් කෝටි හයකට වැඩි මුදලක් වියදම් කරඇති බවත්, පැහැඳිළිවම එය මූල්‍ය අවභාවිතාවක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරයි.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ රංගන ශිල්පිනී ශලනි තාරකා ඇතුළු තවත් දෙදෙනකු සමග බවද ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම දරා ඇති බව විඝනකාධිපති වාර්තාව උපුටා දක්වමින් ඔහු පෙන්වාදෙයි .

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා තම පුද්ගලික හිතවතුන් 21 දෙනෙකු ඕස්ට්‍රේලියාවට ගෙන ගොස් ඇතැයිද ඔහු පැවසීය. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිර්දේශයට ඕස්ට්‍රේලියාවට ගිය මීමනගේ නිශාන්ත පෙරේරා යන අය ශ්‍රී ලංකාවට නැවත පැමිණ නති බවද ඔහ අවධාරණය කළේය.

තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටුවේ දාහතර දෙනකුට රුපියල් මිලියන 67 කට අධික මුදලක් වැය කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මෙම විශාල මුල්‍ය වංචාව හෙළිව තිබෙන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පවසීය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *