කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි .
ඒ අනුව කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂවල කළු ගඟේ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ .
මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කළයුතු කරනා ලෙස ඉල්ලා සිටී .