කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී.ඒ. විමලවීර අත්අඩංගුවට ගැනීම වලක්වන වාරණ නියෝගයක් අභියාචනාධිකරණය අද (31) නිකුත් කළේය.

හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක සේවකයින් හය දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් අදාල ආයතායට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කම්කරු කොමසාරිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී නිලධාරීන්ට දැනුම්දීම සම්බන්ධයෙන් හොරණ මහේස්‍රාත් අධිකරණය විසින්, අමාත්‍යාංශ ලේකම්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණි.

එම නියෝගයට එරෙහිව අමාත්‍යාංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණ හමුවේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබුණි.

එන්. බන්දුල කරුණාරත්න, එම්.ඒ. ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ එම පෙත්සම අද සලකා බැලුණු අතර එහිදී අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ නියෝගය ඉවත් කරනු ලැබීය.

අභියාචනාධිකරණයේ පෙත්සම විභාග කර අවසන් කරන තෙක් හොරණ මහේස්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අත්හිටුවීමටද අභියාචනාධිකරණ නියෝග කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *