කථානායකවරයා විසින් තමන්ගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න ගොනුකළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ .
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තම වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීති විරෝධී බවත්, එය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර චමින්ද කුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටී .
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (03) කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේ පෙත්සම්කාර චමින්ද කුලරත්නද අධිකරණය හමුවේ පෙනී සිටින ලදි.