කටුනායකදී මිලියන 30 ක දුම්වැටි අත්අඩංගුවට

රුපියල් මිලියන 30 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් සමත්ව ඇතිබව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි .

ඩුබායි සිට මෙරටට ගෙන එන ලද මෙම දුම්වැටි තොගය මාර්තු අද (27) පස්වරුවේ ගුවන්තොටුපළේ හිමිකරුවෙක් නොමැති ගමන්මළු අතර තිබියදී සොයාගෙන ඇත .

එම ගමන් මළුවල තිබී “ප්ලැටිනම්” සහ “මැන්චෙස්ටර්” වෙළඳ නාමවල සිගරට් 200,000 ක් පමණ අඩංගු සිගරට් පෙට්ටි 1,000 ක් සොයා ගැනීමට ගුවන් තොටුපොළ නිළධාරින්ට හැකිව ඇත . සියලුම දුම්වැටු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා තොගය කොළඹ ප්‍රධාන රේගු ගබඩා සංකීර්ණයට මාරු කිරීමට කටයුතු යොදා ඇත. මෙම ගමන් මළු කාගේදැයි සොයා ගැනිම සඳහා පරීක්ෂන ආරම්භ කර ඇත .