කච්චතිව් දූපතෙන් බුද්ධ ප්‍රතිමාව ඉවතට

කච්චතිව් දුපතේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන ලද බව නාවික හමුදාව පවසයි. මෙම බුදු පිළිමය ඉවත් කරනා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පසුගිය දා විරෝධතාවයක යෙදුන අතර ඊට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් හිමිවිය.

කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පවසනුයේ මෙම බුදු පිළිමය දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටින නාවික භටයින් වන්දනා මාන කිරීම සඳහා එහි තැන්පත් කර තිබූ එකක් මිස ස්ථිර ඉදිකිරීමක් නොවනා බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *