ඖෂධ වංචාකරු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තියට හානි. වෛද්‍ය චමල් සංජීවගේ හෙලිදරව්ව මෙන්න

ඉමියුනොගොලොබියුන් වංචාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මුළු රටම අවධානයෙන් පසුවන අවස්ථාවක දී බාහිර බලපෑම් මත නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතින්නේ දැයි විශාල සැකයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ගාල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේය.

රටේ වර්තමාන පරිපාලකයන් ගැන යම් හෝ විශ්වාසයක් තිබුණේ නම් ඉමියුනොගොලොබියුන් වංචාව හා ක්‍රිකට් වංචාව හමුවේ ඔවුන්ගේ හැසිරීම එම විශ්වාසය පලුදු කොට ඇති බවද ඔහු සඳහන් කළේය.

රට තුළ ප්‍රමාණවත් immunoglobulin තොග තිබියදී මෙම ප්‍රශ්න සහගත වංචාවට අදාළ ටෙන්ඩර් කැඳවීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති බව දැන් අනාවරණය වී ඇති බවත් ඉතා පැහැදිලිව රාජ නිලධාරීන් විසින් බරපතල දූෂණ වංචා අක්‍රමිකතා සිදු කොට ඇති බවට සාක්ෂි පවතිද්දීත් මේ දක්වා ඔවුන් නීතියේ රැහැනට හසුකරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහැකි වීම ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දූෂිත නිලධාරීන් සිටින බවට සඳහන් කොට ඇති බවත් එම දූෂිත නිලධාරීන් හෙළිදරව් කොට ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට පරිපාලන සේවා සංගමය උදවු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ප්‍රශ්න සහගතය ඉමියුනොගොලොබියුන් ප්‍රභේද වංචාවේ සැකකරුවකු බවට පත්ව සිටින ඖෂධ නියාමන අධිකාරී හිටපු විධායක අධ්‍යක්ෂවරයා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීම ම බරපතළ ලෙස රටේ නීතිය හෑල්ලුවට ලක් කීරීමක් බවද ඔහු සඳහන් කරයි.

මෙම ගනුදෙනුවට ආරම්භයේ සිටම සම්බන්ධ වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ අනිකුත් අතිරේක ලේකම්වරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සඳහා ඉහළ දේශපාලකයින්ගේ එල්ලවන බලපෑම හේතු වන්නට ඇතැයි සමාජය තුළ පැතිර යන සැකය සාධාරණ තත්ත්වයට පත්වීම රටේ බදු මුදල් ගෙවන ජනතාව තුළ විශාල කලකිරීමක් නිර්මාණය කරන බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ට හිතවත් දූෂිත නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා එක් ප්‍රතිපත්තියක් ද දූෂණ විරෝධී රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තවත් ප්‍රතිපත්තියක් ද අනුගමනය කිරීම මේ වන විට ඉතා හොඳින් කැපී පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.

විදේශ පුහුණුව ලබන බව පවසා ශ්‍රී ලංකාව තුළ සිටිමින් ඩොලර්වලින් වැටුප් ගත් අධ්‍යක්ෂකවරියක් ඇතුළු සිදුවීම් ගණනාවක් වැදි අමාත්‍යාංශයෙන් නිහඬව කටයුතු කර ඇති බවත් දූෂණ විරෝධී ක්‍රියාවන් ඔප්පු කරමින් කතා කළ වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමට කටයුතු කිරීම බවත් ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *