ඔස්ට්‍රේලියාව ජය ගනිද්දී ‘පැට් කමින්ස්ගෙන්’ කඩුලු ත්‍රිත්වයක්

T20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය ට එරෙහිව අද (21) පැවති තරගයේ දී ඔස්ට්‍රේලියාව ජය ගත්තා.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 140ක් ලබාගත් අතර අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවාර 11.2කදී කඩුලු 2ක් දැවී 100ක් ලබාගත් ඔස්ට්‍රේලියාවට ඩක්වත් ලුයිස් න්‍යාය අනුව ජය හිමි වුණා.

අද (21) පැවති තරගයේ දී පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබා ගැනීමට සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!