ඔපෙක් සංවිධානයෙන් නව තීරණයක්

එළඹෙන මැයි මාසයේ සිට ඉන්ධන නිෂ්පාදනය අඩු කිරීමට ඔපෙක් සංවිධානයට අයත් රටවල් රැසක් තීරණය කර තිබේ.

වෙළදපොල ස්ථාවරත්වය ඉලක්ක කර ගත් පූර්ව ආරක්‍ෂාකාරී පියවරක් ලෙස එම හදිසි නිෂ්පාදන කප්පාදුව සිදුකරන බවයි ඔපෙක් සංවිධානය පවසයි.

ඒ අනුව දෛනිකව නිපදවන බොරතෙල් බැරල් ප්‍රමාණය එක් ලක්‍ෂ 44,000 කින් අඩු කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රකාශ කර තිබේ.

කුවේටය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් එක් ලක්‍ෂ 28,000 කින් අඩු කර ඇති අතර ඕමානය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 40,000 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් මාස කිහිපය තුළ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එම මිල පහල යාම වළක්වා ගැනීමේ අරමුණින් එලෙස බොරතෙල් නිෂ්පාදනය අඩු කිරීමට ඔපෙක් සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *