ඒකාබද්ධ විපක්ෂය පිටුපස රනිල් සහ අනුර.

නොවැම්බර් 21 ඒකාබද්ධ විපක්ෂය නමින් ගොඩනගන්නට යන සන්ධානය අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහගේ සැලසුමට අනුව බිහිවන්නක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

රට ඒකාධිපති දේශපාලනයක් කරා රැගෙන යෑම සඳහා මහ පොළොවෙන් මතු වන සැබෑ විපක්ෂය වෙනුවට ව්‍යාජ විපක්ෂයක් නිර්මාණය කිරීම එම සන්ධානයේ අරමුණ බව ඔහු වැඩි දුරටත් පැවසීය .

ජනාධිපතිවරණයට පෙර එංගලන්ත සමාගමක් ලවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමීක්ෂණයක් කළ බවත් එමගින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ අනුර දිසානායක බව තහවුරු කරගත් බවත් ඔහු පවසයි . පෞද්ගලික අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කීය.