ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක හදිසියේ ඇති වූ කැළඹීමකින් එක් පුද්ගලයෙකු මියගොස් 71 දෙනෙකු තුවාල ලැබුවා.
මෙම අනපේක්ෂිත අනතුරට මුහුණදුන් ජෙරී නැමති 68 හැවිරිදි පුද්ගලයා විදෙස් මාධ්‍යට තමා මුහුණ දුන් අනතුර ගැන මෙලෙස අදහස් දක්වා තිබුණා.
“අනතුර වෙන්න කළින් ගුවන් ගමන සාමාන්‍ය විදියට සිදුවුණා. මේ කැළඹීමක් අත්විඳින්න කලින් මම ලූ එකට ගිහින්, ආපහු ඇවිත් වාඩි වුනා. ඊට ටික වෙලාවකට පස්සේ හදිසියේම ගුවන්යානය පහළට ගිලී ගියා. මම දන්නේ නැහැ කොපමණ දුරක් ද කියලා. නමුත් එය බොහෝ දුරක් පහතට ගිලී ගිය බව මට දැනුනා. ඒක සිදුවුණේ හදිසියේමයි. ඒ ගැන කිසිම අනතුරු ඇඟවීමක් කළේ නැහැ.
අපි හැමෝම ගොඩාක් කලබල වුණා. සමහර මගීන් ගුවන්යානය වටේ ඇවිදින්න ගත්තා. ඒක හරිම භයානකයි.
ටික වෙලාවකින් ඒ කැළඹීම එකපාරටම නැවතුනා, ආයෙමත් සියල්ල සන්සුන් වුණා. කාර්යය මණ්ඩලය තුවාල ලැබූ පුද්ගලයින්ට උදව් කළා. ඒ වගේ ගුවන් කාර්යය මණ්ඩලයේ ඇතැම් සේවකයන් ද තුවාල ලබා තිබුණා.
අන්තිමට එයාලා අපිට කිව්වා අපි බැංකොක් වලට යනවා කියලා, ඒක ලොකු සහනයක් වුණා. අනතුරින් පසු ගුවන්යානය බැංකොක් නුවරට ගොඩබැස්සවූවා. ඊට පසු තුවාල ලැබූ පිරිසට වෛද්‍ය කණ්ඩායම් විසින් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළා. ඒ මගේ ජීවිතයේ නරකම දවසයි.”
ජෙරී වැඩිදුරටත් කියා සිටියේ මෙම බිහිසුණු සිදුවීම හේතුවෙන් තම පවුලේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමේ සැලසුම ද අත්හිටුවීමට සිදු වූ බවයි.