එංගලන්තය සහ ඉන්දියාව අවසන් පූර්ව සටනේ(PHOTOS)

සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය – ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

ඒ ලකුණු 24කින් ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර, ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදීරෝහිත් ශර්මා ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 206ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත් හැකි වුණේ ලකුණු 181ක් පමණයි.

පන්දු යැවීමේදී Arshdeep Singh කඩුලු 03ක්ද, Kuldeep Yadav කඩුලු 02ක්ද, Jasprit Bumrah හා Axar Patel එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, මෙම තරග ජයග්‍රහණයත් සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එංගලන්තය සහ ඉන්දියාව අතර අවසන් පූර්ව වටයේ තරගය ජූනි 27 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Providence Stadium, Guyana පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!