සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනඟන සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට හිමි විය යුතු බවත්, එහි උපදේශක ධුරය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවත් සමගි වනිතා බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“පක්ෂ දෙකේ එකතුව සඳහා වන මූලික සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතිනවා. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බොහෝ දුරට එහි උපදේශක ලෙස කටයුතු කරයි. සක්‍රිය දේශපාලනයේ නිරත වෙන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. මේ වන විට පක්ෂ දෙක බිම් මට්ටමින් එකතු වෙමින් තිබෙනවා. හරි වෙලාවට ඉහළ නායකත්වය එකතුවීම සිදු වෙයි. විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාසට මේ සන්ධානයේ නායකත්වය හිමි විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය.” ඇය පවසූවාය.