අධ්‍යයන උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී එලබෙන 10 වෙනිදා ආරම්භ කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පැවසීය .
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිත අතර විභාගය දෙසැම්බර් 5 වෙනිදා අවසන් වීමට නියමිතය.
ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති, විශයානුබද්ධ සම්මන්ත්රණ, දේශණ සහ වැඩමුළු ,අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) දින මධ්‍යම රාත්‍රි 12 සිට තහනම් බව කොමසාරිස්වරිය පවසන්නීය .
විභාගය සඳහා වූ පාසල් අයදුම්කරුවන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට ලබා දී අවසන් බවත් යම් අයෙකුට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අද දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවත් ඇය වැඩි දුරටත් පැවසුවා.