උත්සව සමයේ තෙල් බෙදන හැටි ඇමති කියාදෙයි

උත්සව සමයේදී අඛණ්ඩව ඉන්ධන සැපයීමට සහතික කරනා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC), Lanka IOC සහ සිනොපෙක් (Sinopec) වෙත උපදෙස් ලබා දී ඇත.

එපමණක් නොව, සෑම විටම සිය ඉන්ධන තොග සියයට 50ක මට්ටමක පවත්වා ගන්නා ලෙසද අමාත්‍ය කාංචන විජේසේකර සියලු ඉන්ධන පිරවුම්හල්වලට වෙත දැනුම් දී ඇත.

දීර්ඝ සති අන්තය, පාසැල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීම යන කරුණු නිසා විශාල පිරිසක් විනෝද චාරිකා ආදියේ යෙදීම නිසා අනපේක්ෂිත ඉල්ලෞමක් ඛණිජ තෙල් සඳහා ඇතිවිය හැකි බැවින් ඇමතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!