උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අවහිරතාවය තව දුරටත්

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට නොදුරුව සිදුවූ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තව දුරටත් අවහිරව ඇතිබව වාර්තා වේ. ඒ අනුව අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

එම ස්ථානයේ පස් කන්දක්ද කඩා වැටී ඇති අතර එම නිසා මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම තවමත් නිමාවි නැති බව වාර්තා වේ. මේ අතර කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම පවා අසීරු වී ඇතිබව වාර්තා වේ.

මේ හේතුවෙන් අද දින සවස හා රාත්‍රී පහත සඳහන් දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අවලංගු කර ඇති දුම්රිය ගමන්වාර පහතින්,

පස්වරු 03.35 කොළඹ කොටුව සිට මහනුවර

පස්වරු 04.35 කොළඹ කොටුව සිට මාතලේ

පස්වරු 05.15 කොළඹ කොටුව සිට මහනුවර

පස්වරු 05.55 කොළඹ කොටුව සිට මහනුවර

පස්වරු 08.30 කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

පස්වරු 03.25 මහනුවර සිට කොළඹ කොටුව

පස්වරු 06.00 බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ඇතුළුව අද දින ගමන් වාර 18 ක් අවලංගු කොට ඇත.