ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ සැසිවාරය අතරතුර ඉහළ අහසේ රොකට් ප්‍රහාර පුපුරා යයි

ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ 25 වන වාරයේ දෙවන සැසිවාරය ක්‍රියාත්මක වන අතරතුර පාර්ලිමේන්තුව අසල ඉහළ අහසේ රොකට් ප්‍රහාර පුපුරා යයි.

ඊයේ (16) සවස්වරුවේ ඊශ්‍රායලයේ සිටින සියලුම තානාපතිවරුන්ට පවතින යුධගැටුම හා හමාස් සංවිධානය විසින් නිරායුධ ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව හමුදා ප්‍රධානින් හා විදේශ අමාත්‍යංශ නිලධාරීන් කරුණු පැහැදිලි කර ඇත.

2023 ඔක්තෝබර් මස 7 වන දින උදැසන එල්ලවූ ප්‍රහාරවලින් සාමය සැමරීම වෙනුවෙන් එකතුවූ 3500 පමණ වූ ඊශ්‍රායල් හා විදේශීය තරුණ කණ්ඩායම මෙම ප්‍රහාරකයන්ගේ ප්‍රධාන ඉලක්කයක් වූ බව සදහන් කරනු ලැබුවා.මේ ප්‍රහාරවලින් ඊශ්‍රායල් පවුල් 199 අයත් 491 අතුරුදහන් වූ බවත් 325 දෙනෙකු තවමත් හදුනාගෙන නොමැති බව තහවුරු කරනු ලැබුවා. ඒ අතර 1300 ජිවිත අහිමිවී තවත් 3000 ක් පමණ තුවාල ලබා තිබෙන බව සදහන් වේ. මේ අතරට රටවල් 36ක විදේශිකයන් 200 කට ආසන්න පිරිසක් අයත්ය.

මෙහිදී ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය දැක්වෙන කෙටි වීඩියෝ දර්ශන දෙකක් ඉදිරිපත් කරන ලදී. වෙඩිතබා ඝාතනය කරන ලද ඊශ්‍රයිල් ජාතිකයන්ගේ ඇස්වලට යකඩ කූරුවලින් පහරදෙන ආකාරයත් බිම වැටී දගලන පුද්ගලයෙකුගේ බෙල්ල වෙන්වන සේ උදැල්ලකින් පහරදෙන ආකාරය පවා එහි දක්නට තිබු බව වාර්තාවේ.

අනතරුව ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ කථානායකමක් MK Amir Ohana ඇතුළු ආරක්ෂක හමුදා කණඩායමක් විසින් පවතී ප්‍රහාරය හා ඉන් අනතුරුව දැනට පවතින තත්ත්වය විග්‍රහ කරනු ලැබුවා.

අවසානයේ ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ 25 වන වාරයේ දෙවන සැසිවාරය සඳහා සියලුම තානාපතිවරුන්ට සහභාගීවීමට අවස්ථාව උදාවිය. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කතානායක , ජනාධිපති, අගමැති විපක්ෂනායක ඇතුලු සාම දෙනෙක්ම අදහස් දැක්වූ අතර පවතින තත්ත්වය සමනය කිරීම සඳහා පර්ලිමෙන්ත්වේ 120 වූ සියලු දෙනා සියලු රටවැසියන් සමඟ එකට සිටින බව සදහන් කළා.

පාර්ලිමේන්තුවේ 25 වන වාරයේ දෙවන සැසිවාරය ක්‍රියාත්මක වන අතරතුර පාර්ලිමේන්තුව අසල ඉහළ අහසේ රොකට් ප්‍රහාර පුපුරා ගිය අතර ආරක්ෂක නිලධාරීන් විසින් සියලුම තානාපතිවරුන් පාර්ලිමේන්තුවේ ආරක්ෂක කාමරයකට රැගෙන යනු ලැබුවා. ප්‍රහාරය සමනය වූ වහාම ඉන් ඉවත්වීමට අපට අවස්ථාව උදා විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *