ඊශ්‍රායල් – හමාස් යුද්ධයේදී රනිල්ගේ ස්ථාවරය වැරදියි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිව තිබෙනා යුද්ධයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මධ්‍යස්ත ස්ථාවරයක සිට කටයුතු කිරීම අනුමත කළ නොහැකිබව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය. චීන සංචාරයකින් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඵු පැවසූවේ ජනාධිපතිවරයාගේ ඊශ්‍රායලයටත් නැති – පලස්තීනයටත් නැති’ ස්ථාවරය පිළිගත නොහැකි බවයි.

”යුද ගැටුමක් පවතින විට ‘මම දෙපැත්තටම නැහැ’ වගේ දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැහැ. දැන් බලන්න, මුල් රාජ්‍යය පලස්තීනයයි. නමුත් ඊශ්‍රායලය කියන්නේ පසුව එතැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කෘත්‍රිමව හදපු රාජ්‍යය. මෙතැන ‘දෙමළ ඊළම’ හැදුවා නම් අපිත් පලස්තීනයේ ඉරණමටම ලක් වෙනවා. කෙසේ වුවත් මෙහිදී ඓතිහාසික අසාධාරණය සිදු වී ඇත්තේ පලස්තීනයටයි. ඒ ඓතිහාසික අසාධාරණය නිවැරදි කරන ලෝකයක් නොවෙයි අද බලවත්ව ඉන්නේ. පලස්තීනය සම්පූර්ණයෙන් ලෝක සිතියමෙන් අතුගාලා දමලා ‘යුදෙව් ඊශ්‍රායලය’ බලසම්පන්න කිරීමේ බල මෙහෙයුමක් තමයි අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ.” ඔහු පැවසීය.

මෙවර යුද ගැටුම ආරම්භ කළේ හමාස් සංවිධානය බව සැබෑ මුත් හමාස් යනු ඊශ්‍රායල ඔත්තු සේවාව වන ‘මොසාඩ්’ විසින් නිර්මාණය කරනා ලද්දක් බවත්, යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති හමුදාවට එරෙහිව මොසාඩ් සංවිධානය හමාස් නිර්මාණය කළ බවත් ඔහු පැවසීය. ඊශ්‍රායලයේ නිළ ඔත්තු සේවය වන මොසාඩ් විසින් නීමාණය කළ හමාස් සංවිධානය අද ඊශ්‍රායලයටම පහර දීම දෛවෝපගත සිදුවීමක් බවත් ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *