ඊශ්‍රායල් ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කරන්නැයි විදේශ අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ.

ශ්‍රී ලංකා ඊශ්‍රායක් සබඳතා තව දුරටත් ශක්තිමත් කරන්නැයි ඉල්ලා තරුණයන් පිරිසක් අද උදයේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණය කරනා ලදි .

මීට දින කිහිපයකට පෙර ඊශ්‍රායලය සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත් හරින්නයි බලකරමින් වෙනත්කණ්ඩායමක් මෙම ස්ථානයේ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඊට විරෝධය පලකාරනු වස් ඊශ්‍රායල් රැකියා අපේක්ෂා කරමින් සිටිනා පිරිසක් මෙම උද්ඝෝෂණය සංව්ධානය කර තිබුනි .

අන්තවාදී අදහස් වලට නතු නොවී ඊශ්‍රායල් ශ්‍රි ලංකා සබඳතා තර කරගෙන ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගන්නට කටයුතු කරනා ලෙසත් උද්ඝෝෂකයෝ රජයට බලකර සිටීහ.

අන් රටවලට සාපේක්ෂව ඊශ්‍රායලයේ ඉහළ වැටුප් හිමිවන බැවින් ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය ඊශ්‍රායල් රැකියා බව ඕවුහු පවසති .

ඊශ්‍රායලයෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබු රැකියා අවස්ථා ගණන ඉහළ නංවා ගැණීම සඳහා හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර විශාල වැඩ කොටසක් ඉටුකරනා ලදි . අදවන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් ඊශ්‍රායයේ සේවාය කරනා අතර තවත් විශාල පිරිසක් එහියාමේ බලාපොරොත්තුවෙන් සිටිති .