ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පලස්තීන මාධ්‍යවේදියෙක් මරුට

ඊශ්‍රායලය ගාසා තීරයේ ටෙල් අල්-හවා නගරයට එල්ල කරනා ලද ගුවන් ප්‍රහාරයෙන් පලස්තීන මාධ්‍යවේදියෙක් වන රොෂ්ඩි සර්රාජ් මියගිය බව වාර්තා වෙයි .

ප්‍රාදේශීය පුවත් ඒජන්සිය වන WAFA ට අනුව, ඊශ්‍රායල ආක්‍රමණය විසින් ගාසා තීරයේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම් බොහොමයක් අතර අවම වශයෙන් පලස්තීනුවන් 32 දෙනෙකුවත් මරා දැමීය.

යුද්ධයේ පළමු සතියේදී රොෂ්ඩිගේ මහල් නිවාසයට ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවූ අතර, එම ප්‍රහාරයෙන් ඔහුගේ නිවස විනාශව යන ලදි. එහෙහ්ත් ඔහු සිය බිරිඳ ෂෝරූක් සහ වසරක් වයසැති දියණිය ඩැනියා සමඟ ඔහු ටෙල් අල්-හවා ප්‍රදේශයේ පිහිටි පවුලේ නිවසට ගොස් දිවි බේරා ගැනීමට සමත් විය.

ඊයේ රාත්‍රියේ එම නිවසද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරටනටා ලක්වු අතර, රොෂ්ඩි හැර එහි පදිංචිව සිටි පවුලේ සාමාජිකයන් 10 දෙනා දිවි ගලවා ගත්හ. මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය සඳහා චායාරූප සැපයීමේ යෙදී සිටි පලස්තීන මාධ්‍යවේදියෙක් ඇතුළු කිහිප දෙනෙක් අතුරුදහන් වී ඇතිබව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *