ඊශ්‍රායලයේ කොටුවූ ලාංකිකයන් බේරාගන්නට ඇමති මනූෂ මැදිහත් වෙයි.

ඊශ්‍රායලය අවාසනාවන්ත යුද්ධයක පැටලී සිටියද එරට සිටිනා ශ්‍රී ලාංකියන් පිළිබඳ ශ්‍රී ලංකා රජය බරපතල ලෙස සිතනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර පවසයි. කොළඹදි අද මාධ්‍ය ඇමතු ඔහු සඳහන්කර සිටියේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටිනා ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් කටයුතු කිරිම දැනටනත් අරඹා ඇති බවය.

” මේවන විට අපි ඊශ්‍රායල් රජය සමග සාකච්චා ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර රතු කුරුස සංවිධනය සමග සාකච්චා කරමින් සිටිනවා ගැටුම් පවතින පළාත්වල ඉන්නා ශ්‍රී ලාංකිකයන් ඔවුනගේ භාරයට පත්කරන්න. ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙක් ගැන කණගාටු දායක තොරතුරු ලැබී තිබෙනවා. ඒත් මේ කිසිම එකක් නිසි පිළිවෙළට තහවුරු වෙලා නෑ. යුද්ධයක් පවටහින අවස්ථාවක තත්ත්වය එහෙම තමයි” අමාත්‍යවරයා පැවසීය.

යුධ ගැටුම් නැති ප්‍රදේශවල සිටිනා ලාංකිකයන්ටද සිය අභිමතය පරිදි ශ්‍රි ලංකාවට පැමිණිය හැකිබවත්, එ සඳහා බාහිර පාර්ශවයක උපකාර අනශ්‍ය බවත් ඔහු පවසීය. විශේෂයෙන් ටෙල්අවීන් නුවර ආශ්‍රිතව යුධ තත්ත්වයක් නැතිබවත් එහෙත් කැමති අයට පෙරලා පැමිණිමට බාධාවක් නැතිබවත් අමාත්‍යවරයා පැවසිය.

කෙසේවෙතත් මේවන විට එරට සිටිනා ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බව ඊශ්‍රායල් රජය තමා වෙත දන්වා ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *