ඊයේ ලංකාව බංගලියන් පරදද්දී ‘සිහිනය සැබෑකර ගත් ‘ නංගී

ඊයේ (04) පැවති ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජය ගන්න බංග්ලාදේශය වෙනුවෙන් ජේකර් අලි විශාල උත්සහයක් දරපු බව තරගය නරඹපු කාටත් පැහැදිලිව පෙනුණා.

තමන්ගේ රට වෙනුවෙන් හතරවන පන්දු වාර විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ ජේකර් අලිව අන්තිම පන්දුවාරයේ දී දවා ගන්න දසුන් ශානකට බැරි වුණා නම් ලංකාවේ ඉරණම වෙනස් වෙනවා නියතයි.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශයට ලකුණු 12 ක් අවශ්‍යව තිබුණා.

දසුන් ශානක ලකුණු 8 ක් පමණක් ලබා දීලා , අලීගේ සහ තවත් කඩුල්ලක් දවා ගැනීම නිසා ලංකාවට ලකුණු 3කින් ජයගන්න හැකි වුණා.

ජේකර් අලි පන්දු 34 කදී හතරේ පහර හතරක් සහ හයේ හයක් සමග ලකුණු 68 ක් ලැබුවා.

කොහොම වුණත් තරගයෙන් පස්සේ ජේකර්ගෙන් මාධ්‍යවේදිනියක් වන ෂකිලා බොබී ප්‍රශ්නයක් ඇහුවා.

ඊට ජේකර් අලි පිළිතුරු දීම ආරම්භ කළේ “අපූ” එහෙමත් නැත්නම් “නංගී” කියමින්.

ජේකර් සහ ශකිලා සහෝදර සහෝදරියන් බව කලින් දැන සිටියේ එතන සිටි අතලොස්සක් විතරයි.

ශකිලා, බංගලාදේශයේ දිනපතා කොබෝර් කගෝජ් පුවත්පතේ වාර්තාකාරිනියක් වනවා.

එයාගේ සැමියා ඒ පුවත්පතේම ඡායාරූප ශිල්පියෙක්.

මේ දෙන්නා තම සිඟිති දරුවා එක්ක ඇවිත් තිබ්බේ තමන්ගේ සිහිනයක් සැබෑ කරගන්න .

ඒ තමයි ‘මාධ්‍ය සාකච්ඡාවකදී ජේකර්ගෙන් ප්‍රශ්නයක් ඇසීම’. “මම දැනගෙන හිටියා ඒක දවසක සැබෑ වෙයි කියලා.”
එහෙමත් ඇය ශ්‍රී ලංකා තරගයෙන් පස්සේ මාධ්‍යවේදීන්ට කිව්වා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!