සති දෙකක කාලයක් පුරා සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා ඉරානයේ පැවැත්වෙන උද්ඝෝෂණ සහ අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවන විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
මෙලෙස මියගිය පුද්ගලයන්ගෙන් 490 දෙනෙකුම විරෝධතාකරුවන් වන අතර, ආරක්ෂක නිලධාරීන් 48 ක්ද මියගිය පිරිස අතර වන බව එම වාර්තා සනාත කරයි .
මේ වනවිට ඇතැම් රෝහල්, මියගිය හෝ තුවාල ලැබූ පිරිස්වලින් පිරි ගොස් ඇති බවත්.ෙම හේතුවෙන් තුවාලකරුවන්ට මූලික ප්‍රතිකාර පවා කිරීමට අසීරු වී ඇතිබවත් වාර්තා වේ. එමෙන්ම ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාර ද මේ වනවිට පිරි පවතින බව එම වාර්තාවන්ගේ සඳහන් වෙයි .
ටෙහෙරාන් හි රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් BBC ය පවසනුයේ රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවත්, ඉන් බහුතරයකගේ හිසට හෝ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බවත් ය .
විරෝධතා පැතිරයාම පාලනය කිරීමේ අරමුණින් රජය දියත් කළ අන්තර්ජාල සැපයුම් කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක වෙන අතර , එම නිසා එරටින් තොරතුරු ලබාගැනීම යම් තරමකට අඩාල වී ඇතිබවද වාර්තා වේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ‘‘ඉරානයේ මහජන විරෝධතාවට අමෙරිකාව උදව් කිරීමට සූදානමින් සිටිනා” බවට කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ, අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ඊට එරෙහිව ඊශ්‍රායලය සහ අමෙරිකානු කඳවුරු වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.