ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශයට අඟහරුවාදා පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාරයක් එල්ල කර ඇත . ඉරාන නිල පුවත් ඒජන්සිය වන IRNA සඳහන් කරනුයේ මෙම ප්‍රහාරයෙන් බලාගාරයට හෝ ජීවිත හානි සිදුව නොමැති බවය.
මෙම ප්‍රහාරයත් පිළිබඳව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. ගැටුම් පවතින අවස්ථාවලදී න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු පාර්ශ්වයන් “උපරිම ස්වයං පාලනයකින්” කටයුතු කළ යුතු බව ඔහු නිකුත්කළ ප්‍රකාශයක සඳහන් වෙයි .
සාමකාමී අරමුණු සඳහා භාවිත කරන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කිරීමක් මෙන්ම කළාපීය ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව ඉරානය පවසයි. මේවැනි බලාගාර වෙත පහර දීම මගින් ඇමරිකාව සහ ඊශ්‍රායලය තමන්ට හිතවත් ගල්ෆ් කළාපයේ රාජ්‍ය පවා අනතුරේ ලන බව ඉරානය පවසයි . බලාගාරයට යම් හානියක් සිදුවූයේනම් ඉන් සිදුවන විකිරණ බලපෑම් මගින් බරපතල තත්ත්වයක් උදාවිය හැකිව තිබූ බව ඉරානය පෙන්වා දෙයි .
විශේෂත්වය වන්නේ, ඉරානය සමඟ “යහපත් සහ ඵලදායී” සාම සාකච්ඡා පවතින බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර පැය කිහිපයක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ල වීමයි.