ඉරාන නැවියන්ට මාසයක නිදහස් වීසා .

ඉරාන නෞකා දෙකෙන් මුදා ගනු ලැබූ කණ්ඩායමට මාසයක කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය .

රටේ පවතින ජාත්‍යන්තර සම්මුතින් හා නාවික නීති රීති අනුගමනය කරමින් නොබැඳී පිළිවෙතක් සහිතව ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරනා බව ඔහු පැවසීය .