ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටරය ‘කඩා වැටුණු ස්ථානය’ හමුවේ

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සෙවුම් කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය ද වාර්තා කර තිබෙනවා.

ඉරානයේ රතුකුරුස සංවිධානයේ ප්‍රධානියා රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ තත්ත්වය “හොඳ” නොවන බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටුණු ස්ථානය සෙවීමට තුර්කි ඩ්‍රෝන යානයක් එරට නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයට යොමු කර ඇති අතර අනතුරුව උණුසුම් තාප ප්‍රභවයක් සහිත ස්ථානයක් හඳුනා ගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර තිබුණා.

මේ අනුව දැවෙන ස්ථානයක් හඳුනාගෙන ඇති අතර, තාවිල් ලෙස හඳුන්වන එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා තිබෙනවා.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් මෙහෙයුම් සදහා එක් කර ඇතැයි ද රතුකුරුස සංවිධානය සදහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!