ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000 ක් රැගත් නෞකාවක් අද පැමිනේ

ඉන්ධන සපයා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පැවති ඉහළ මට්ටමේ සාකච්ඡාවලට අනුව ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000 ක් රැගත් නෞකාවක් අද (28) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ .

මෙම තොගයට ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000 ක් ඇතුළත් වෙයි . පසුගිය 24 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති දුරකථන සංවාදයේදී ගන්නා ලද තීරණයකට අනුව මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට ලබාදෙයි .

ලංකා IOC සමාගම මීට පෙර මැද පෙරදිග සහ සිංගප්පූරුවේ සැපයුම්කරුවන්ගෙන් මාර්තු මාසය සඳහා ඉන්ධන සැපයුම් ලබාගෙන තිබුණි. කෙසේ වෙතත් මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ මැදපෙරදිග සැපැයුම් අවිනිස්චිත අඩියකට පත්ව ඇත . එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඉන්දියානු තෙල් සංස්ථාවෙන් (IOCL) හදිසි ඉන්ධන සැපයුම් ඉල්ලා සිටියේය.