සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (25) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත . ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට පත් ඔහු මේවන විට එරට පොලිස් භාරයේ පසුවෙයි .
රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහ ජාත්‍යන්තර පොලිසිය හරහා ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවේ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු සැකකරු අද (26) ශ්‍රි ලංකා බළධාරීන්ට බාර දීමට නියමිත බව වාර්තා වේ .
මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය චෝදනා රැසක් එල්ල වී තිබියදීත්, නඩු ප්‍රමාදය හේතුවෙන් 2024 දෙසැම්බර් 09 වන දා පොඩි ලැසීට ඇප හිමි විය . බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු තමන්ට ජීවිත තර්ජන ඇති බව පවසමින් ඔහු, මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවට පලා යන ලදි .