ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය.
“දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ.” අමාත්‍යවරයා පැවසීය.