ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ඉකුත් 10 වෙනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවර රතු බලකොටුව අසල මෙට්‍රො දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කනුවක් අසල මෝටර් රථයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලැබුවේය .
එහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැක පළ කරන අතර ඔහු ද වෛද්‍යවරයකු බවටද ඉන්දීය ආරක්ෂක අංශ සැක කරයි . මෙම පිපිරීමේ වගකීම මේ වන තුරු කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව වාර්තා වේ .