ඉන්දියාව ප්‍රබලත්වය සනිටුහන් කරමින් ලෝක කුසලාන ගමන අරඹයි

පන්දුවාර 20යි විස්ස ලෝක කුසලානයේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 8 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මාගේ අනගි පිතිකරණයත් සමගින් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 8 කින් ජයගැනීමට ඉන්දියාව සමත්වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 16කදී සියලුදෙනා දැවී ලකුණු 96ක් රැස්කරගත් අතර ඉන්දියාව පන්දුවාර 12.2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

නායක රෝහිත් ශර්මා එහිදී ලකුණු 52ක් රැස්කරගත්තා.

ඒ, පන්දු 37කදී.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා.