ඉදිරි දින තුනේ දී වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වන බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වයි.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වව්නියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද දින (31) දහවල් 12:11ට අඩප්පන්කුලම් (වව්නියා දිස්ත්‍රික්කය), දුටුවැව(අනුරාධපුර දිස්ත්‍රික්කය) සහ නිලාවේලි (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *