මැදපෙරදිග යුධ උණුසුම වේගයෙන් ඉහළ යමින් තිබියදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සෞදි අරාබියෙන් සහ එක්සත් ආරාබි එමීරයේ සිටිනා සිය නිළධාරීන්ට පිටව යන ලෙස නියෝග කර ඇත.
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කරනා සීමිත පිරිස රඳවාගෙන සෙසු නිළධාරීන් ආපසු කැඳවීමට හේතුව ඉරානය ගල්ෆ් කළාපයේ ඇමරිකානු ධූත මණ්ඩළ ඉලකක් කර එල්ල කරන ප්‍රහාර ඉහළ දැමීම බව වාර්තා වේ.
මේ අතර ඉරාන තෙල් පිරිපහදු සහ ගබඩා ඉලක්ක කාඅර එල්ලකරනා ඇමරිකානු ප්රහාරා වේගයෙන් ඉහළ ගොස් ඇති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය පවසයි . ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉරිදා ඉරාන ඉන්ධන ගබඩා කිහිපයකට එල්ලකළ ප්‍රහාරවලින් පසුව, ටෙහෙරානය සහ කරජ් ඝන දුමාරයකින් වැසී පවතින බව වාර්තා වෙයි . යුද්ධය ආරම්බුඅ වු පසු ඉරානයේ බලශක්ති කර්මාන්තය ඉලක්ක කර එල්ල වූ දරෞණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ .