ඉරාන නෞකා දෙකක සිය බේරාගත් ඉරාන ජාතිකයන් පෙරලා ඉරානයට නොයවන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරනා බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි .
මින් පළමු නෞකව ඇමරිකානු සබ්මැරින් ප්‍රහාරයකින් විනාශ වූ අතර එහි සිට 32 නෙක් බේරා ගත් ආතර මෘත දේහ 82 කට ආසන්න ප්‍රමණය කරාපිට්ය රෝහල වෙත ගෙන එන ලදි . දෙවන ඉරාන නෞකාවේ සිට 204 දෙනෙකු ගලවාගත් අතර ඔහුන් වැලිසර නාවික කඳවුරේ රඳවා ඇත. එම නෞකාව ත්‍රිකුණාමලය වරායට යව අතිබව් වාර්තා වේ .
මෙම නෞකා දෙකේ සිට ගලවාගත් පිරිස 240 කට ආසන්න වන අතර ඔවුන් නැවත ඉරානයට නොයවන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට බලපැම් කරමින් සිටිනා බව රොයිටර් පුවත් සේවය පවසයි .
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කේබල් පණිවිඩයක් මූලාශ්‍ර කරගෙන මෙම පුවත පලකරනා බව එම ප්‍රවෘති සේවය පවසයි . මේ පිළිබඳව කළ විමසිමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ ශ්‍රි ලංකාවෙන් පිළිතුරු නොලැබුන බව ද රොයිටර් පවසයි .
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ගෙන් මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පවසා අත්තේ ඉරාන නෞකාවේ සිට මියගිය අයගේ මළ සිරුරු නැවත ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරාන් පලනය කොළඹින් උදව් ඉල්ලා ඇති බවය . එහෙත් ඒ සඳහා නිස්චිත කාල රාමුවක් පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව ඔහු පවසා ඇත .
රොයිටර් පුවතේ ශීර්ෂය
