ඇමරිකානු ප්‍රහාර නොතකා මොජ්තාබා කමෙයිනීට සහය දීමට ඉරාන වැසියෝ වීථි බසිති .

මහා පරිමාන ප්‍රහාරයන් රැසක් එල්ල වෙමින් පැවතියද ඒ බව නොතකමින් විශාල පිරිසකගේ සහභාගීත්ත්වයෙන් දවැන්ත පෙළපාලි කිහිපයක් ඊයේ ඉරානයේ පැවතිබව අල් ජසීරා පුවත් සේවය පවසයි .

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආධාරකරුවන් සිය නව උත්තරීතර නායක ධූරයට මොජ්තාබා කමේනි පත් කිරීම සැමරීම සඳහා මෙම පෙළපාලි පවත්වා ඇතිබව අල් ජසීරා තව දුරටත් පවසයි .

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට ඉතා සමීප දැඩි මතධාරී ෂියා මුස්ලිම් පූජකයෙකු වන මොජ්තාබා කමේනි, එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ යුද්ධයේ ආරම්භක දිනයේදීම මරාදැමුනු ඔහුගේ පියා වන අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඉරිදා තෝරා ගන්නා ලදී.

මේ අතර ඉකුත් සිකුරාදා අසල්වැසි රාජ්‍යන්ට පහර දීම ගැන සමාව ආයදිමින් නැවත ප්‍රහාර එල්ල නොකරන බවට ඉරාන ජනාධිපතිවරයා දුන් පොරොන්දුව කඩකරමින් ඉරානය ගල්ෆ් රටවල් කිහිපයකට ඊයේ දිනයේද ප්‍රහාර එල්ලකර ඇත .

ඇමරිකානු හමුදා කඳවුරු සහ ඊශ්‍රායලයට සත්කාරකත්වය සපයන ගල්ෆ් රාජ්‍යයන් වෙත ඊයේ එල්ලකළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර යන්ගෙන් එක් අයෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ .