ඇමරිකානු ඩොලර් මිලියන 37 ක කල් ඉකුත්වූ බෙහෙත් ලංකාවට ගෙනවිත්.

ප්‍රධානයන් ලෙස පෙන්වමින් පසුගිය කාලයේ මෙරටට ගෙන ආ ඇමරිකානු ඩොලර් මිලියන තිස් හතක් පමණ වටිනා ඖෂධ තොගයෙන් වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ බවත් වාර්තාවේ . මේ පිළිබඳව අදහස් දවන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනුයේ මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පැවැත් විය යුතු බවයි.

කල් ඉකුත්වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ ගෙනවිත් ශ්‍රී ලංකාව සායනික අපද්‍රව්‍ය පිරවීමේ උත්සයක් පවතින්නේද යන සැකය මතුකරනා විශේසඥ වෛද්‍ය චමල් සංජීව පවසනුයේ මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ පැවැත්විය යුතු බවයි .

එසේම ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් ජූනි මස තිස් වනදා වන විට කල් නිකුත් වීමට නියමිතව තිබූ අතර මෙසේ ගෙන්වන ලද ඖෂධවලින් GALANTIMINE,. CANAGLIFLOZIN, ඇතුළු සමහර ඖෂධ මෙරට තුළ භාවිතා නොවන බවද අනාවරණය වී ඇත.

එම ඖෂධ තොගේ පැවති Acyclovir, lidocaine, levetiracetam ආදී ඖෂධ ලංකාවට ගොඩබාන විට ද කල් ඉකුත් වී ඇත.

මීට පෙර ද ශ්‍රී ලංකාවට සායනික අපද්‍රව්‍ය කන්ටේනර් පිටින් ගෙන ඒම සම්බන්ධව නරක අත්දැකීම් පවතින බැවින් මේ තත්ත්වය වහා මැඩපැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි තීරණ ගත යුතු බව වෛද්‍ය චමල් රාජපක්ෂ  සඳහන් කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *