වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ .
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් හරහා තම දරුවාට අපහාසයක් සිදුව ඇති බව සඳහන් කරමිනි .
චාමර සම්පත් දිසානායකගේ එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු තම දරුවාට එරෙහිව සමාජ මාධ්‍යවල සටහන් පළවන බවත් , ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කරනා ලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි .