ආසියානු මලල ක්‍රීඩා උළෙලෙදි තරූෂී සහ ගයන්තිකා පදක්කම් දිනති

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටවමින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරූෂී කරුණාරත්න සමත් වූවාය.

ඇය එම ඉසව්ව 2:00.66 නිම කරමින් මෙම දස්කම දැක්වු අතර එය ශ්‍රී ලංකා වාර්තාවද අභිබව යාමකි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වී තිබේ. ඇය තරගය නිම කිරීම සඳහා 2:03.25 කාලයක් වාර්තා කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *