ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපති එල්.එන් ජයසිංහ ගේ (ජාතික ජන බලවේගය) ක්‍රියාකලාපය හේතුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සභිකවරියක් වූ නිකිණී අයෝධ්‍යා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
සභාපතිවරයා විසින් තමාට බැණ වදිමින් හා තර්ජනය කරමින් සභාවෙන් පිටතට යැවූ බවත් ඒ පිළිබඳව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත. මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පුත්තලම් දිස්ත්‍රික් පලාත් පාලන ආයතන කාන්තා නියෝජිතයන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබුනි . එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නිකිණී අයෝධ්‍යා පැවසුවේ සභාපතිවරයාගේ හැසිරීම නිසා තමාට ක්‍රියාකාරී දේශපාලනය එපා වූ බවයි .
එම හමුවෙදී අදහස් දැක්වූ පුත්තලම් දිස්ත්‍රික් පලාත් පාලන ආයතන කාන්තා නියෝජිතයන්ගේ සංසදයේ සභාපතිනී ඩේලියා ප්‍රනාන්දු පැවසූවේ සභාපතිවරයාගේ හැසුරීම පිළ්ඊබඳව තමන් දැඩි විරෝධය පලකරනා බවය . .
” අයවැය පරාදවීමෙන් පසු සභාපතිවරයා නරක විදියට හැසිරිලා තියනවා . ඔහු කියනවා ඔහුට මානසික පීඩනයලු. එහෙනම් අපි කියන්නෙ ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියාලා.” සභාපතිනී ඩේලියා ප්‍රනාන්දු පැවසීය.
සිද්ධියට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ තමා දැඩි පීඩනයකින් පසුවූ බවත්, තමා ටිකක් සැරෙන් කතා කළ බවත්ය. තමා කථා කළ ස්වරය සභාපතිවරයෙකුට සුදුසු නැති බව විශ්වාස කරන බවත් ය.