ආරක්ෂක අංශයේ මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන ටෙන්ඩර් ක්රියාදාමයක් සඳහා රජයේ ඉහළ පෙලේ දේශපාලන මැදිහත්වීම් සිදුව ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ග අනාවරණය කරයි. දකුණු පළාතේ ප්රභල ඇමැතිවරයෙක් හරහා මෙම දේශපාලන මැදිහත්වීම් සිදු කර තිබෙන බවද අනාවරණය වේ.
ආරක්ෂක අංශයේ මිලදී ගැනීම් සදහා වන ඩෙන්ටර් ක්රියාදාමයක් පසුගිය දිනවලදී ක්රියාත්මක වී තිබුණි. කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව එම ටෙන්ඩර ක්රියාදාමයේ කටයුතු බොහෝමයක් අවසන්වී නියමිත පරිදි සුදුසු සැපයුම්කරුවන්ට එම ටෙන්ඩර ප්රදානය කර තිබූ බවද අනාවරණය වේ.
කෙසේ නමුත් එම ටෙන්ඩර මාලාවේ එක් ටෙන්ඩරයක් සඳහා මෙලෙස දේශපාලන මැදිහත්වීමක් සිදුව තිබෙන බවද අනාවරණය වේ. දකුණු පළාතේ ප්රභල දේශපාලඥයෙක් හරහා මෙම දේශපාලන මැදිහත්වීම සිදුව තිබෙන බවද වාර්තා වේ.
ඒ අනුව තෝරාගත් සැපයුම්කරුවන්ට අදාල ටෙන්ඩරය පිරි නැමීම ප්රමාද කරමින් ජාතික ප්රසම්පාදන කොමිසම හරහා යළිත් ඒ පිළිබද ඇගයීමක් කිරීමට පියවර ගනිමින් සිටින බවද විශ්වාසදායක ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.