ආණ්ඩුවට නඩු දානා බව මරික්කාර් පවසයි

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාවට සිදු වූ පීඩා සහ ජීවිත හානි සම්බන්ධයෙන් රජයට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකිරීමට අදහස් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M. මරික්කාර් පවසයි .

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසූවේ ආපදා තත්ත්වය 2019 පාස්කු ඉරිදා ප්‍රහාර තරම්ම බරපතල සිදුවීමක් බවයි.

“ජාතිය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව ගොනුකර ඇති අපරාධ නඩුවට සමානව, ව්‍යසනයෙන් මියගිය සෑම පුරවැසියෙකුටම වත්මන් රජය වගකිව යුතු බැවින් අපි ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනුකරනවා . ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, රජය අවශ්‍ය පියවර අරගෙන නෑ . අපි ඒ සම්බන්ධයෙන් නඩුවක් ගොනුකරනවා” ඔහු පැවසීය .