අලි – මිනිස් ගැටුම විසඳීමට පවිත්‍රාගෙන් නව ප්‍රතිපත්තියක්

මෙරට නිරන්තරයෙන් සිදුවන අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

කෙටි කාලීන, මාධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය රහස් මෙසේය.

“අලි – මිනිස් ගැටුම කඩිනමින් විසඳීම පිළිබඳ අප අමාත්‍යාංශය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන සැලසුම් ඔස්සේ විසඳුම් ලබාදීම අපේ අරමුණයි. ඒ සඳහා මඟපෙන්වීම සිදුකරන වැඩමුළු කිහිපයක් ද මේ වන විට අමාත්‍යාංශය විසින් පවත්වා තිබෙනවා.”

“අලි මිනිස් ගැටුම පාලනය කිරීමට අතීතයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ද ඒකාබද්ධ කර ගනිමින් ස්ථීර ප්‍රතිපත්තයක් සකස් කළ යුතුව තිබෙනවා. ඉන් පසුව එම ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කිරීමට ද පියවර ගන්නවා. ඒ මඟින් අලි – මිනිස් ගැටුමට ස්ථීර විසඳුමක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *